Thursday, November 28, 2013

මොණරුන් මැරීම , CHOGAM සහ සංචාරක කර්මාන්තය.

"අප CHOGAM වැනි උත්සව පවත්වමින්, සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදන ගමන් පොලුවලින් ගසා මොනරුන් මරා රටේ සුන්දරත්වය වනසනවිට අපේ රටට එන සංචාරකයින්ට අපි පෙන්නන්නේ මොනවාද?" මෙය මගේ ප්‍රශ්නයක් නොවේ. මගේ කරගැනීමම නිසා හටගත් අමාරුව නිසා කන වැකුණ විචාරයක් (විකාරයක්) ගැන ලියන්නට සිතුනි. මෙම ප්‍රකාශනයේ හිගාකන මානසිකත්වය, සංකල්පීය දුප්පත් බව ඕනෑම කෙනුකුට මා වැන්නකු විසින් ප්‍රකාශ කළහොත් වැටහෙනු ඇත. එහෙත් අවාසනාවකට ඊනියා මහා උගතුන් මෙවන් දෙයක් ප්‍රකාශ කලවිට එය මහා දාර්ශනික අදහසක් වන්නේද?
      පළමුකොටම අප පොලුවලින් ගසා මොණරුන් මැරීම අනුමත නොකරන අතරම, මහාපරිමානයෙන් සත්ත්ව ගොවිපලවල් ඇතිකරමින් කරන සත්ව වගාව (එය සත්ව පාලනයක් නොවේ) සහ ඝාතනය ආදිය අපිට උගන්නවන ඊනියා බටහිර කෘෂිකර්මාන්තය සහ ඊනියා බටහිර දියුණුවද අනුමත නොකරන්නෙමුය. ඊනියා බටහිර දියුණුව අපට දේශනා කරන අපේ උගතුන් පංචශීලය රකිමින් ඊනියා බටහිර දියුණුව ලැබිය හැකි බව සිතතත් අපට අපේ කරුමයක් නිසාදෝ එය කළහැක්කක් ලෙස නොසිතේ. මෙය තවත් අසීරු දෙයක් ලෙස අපට වැටහෙන්නේ සංස්කෘතිය (ඔවුන් කියන පරිදි බෞද්ධ) රකිමින් එය කළහැකි යයි ඔවුන් කියන බැවිනි. අපේ (මගේ ) අනෙක් දුර්වලතාවය වන්නේ අපේ උගතුන් මෙරටට ගෙන්වන්නට හදන සංචාරකයින් (සුද්දන් ) මහා හැදියාවක් ඇති, අපේ පැරණි සංස්කෘතික අංග වල වටිනාකම දන්නා, අපේ පැරණි ශිස්ටාචාරය බලන්නට එන අතලොස්සක් දෙනා ලෙස නොව අලුතින් ඇතිකරන කැසිනෝහල්, ගණිකාවන් (පිරිමි සහ ගැහැණු) ආදිය සොයා එන අසිස්ටයන් ලෙස බයානක සිහින දැකීමය. ඔවුන්ගේ මහා දියුණු රාජ්‍ය වල සිටිනා මහා දියුණු මිනිසුන් (තවමත් ඔවුන්ගේ හාම්පුතුන්)මෙවන් පහත් දේවල් අළුයම ලු කෙළපිඩක් ලෙස සලකන බව අහෝ මට නොවැටහෙන්නේ අවිද්‍යාව නිසාමද?
      මෙම විචාරකයා අප CHOGAM වැනි උත්සව පවත්වන බව කියද්දී අප යන්න්නෙන් ඔහු අදහස් කරන්නේ කවුරුන්ද යන්න මට ගැටළුවක් විය. ඔහු අසාගෙන සිටි මා බලයෙන් ඔහුගේ ගොඩට ඇතුලුකරගන්නට හැදුවද මට CHOGAM කිසිසේත්ම අවශ්‍ය දෙයක් නොවිය. ඔහු වැනි ඊනියා ශේෂ්ඨ උගතුන් සමස්ත අප වෙනුවෙන් එවන් දේ කරනා බවක් හෝ කිසිවෙක් කලදෙයක් (මෙම පුද්ගලයා CHOGAM වෙනුවෙන් කල දෙයක් මා දන්නතරමින් නැත )ඔහුගේ දැනුමට අනුව විශිෂ්ඨ වූ නිසාම අපටද බලෙන්ම පැටවීමට ඔහු දරන දුප්පත් උත්සාහය දුක සිතෙන සුළුවිය.
      මෙහි වඩාත් භයානක කම නම් ඔහුද ඇතුළු මේ පඩියන් අපට සංචාරක කර්මාන්තයක් දේශනා කරන්නේ ඔහුගේ තවමත් හාම්පුතුන්යයි සිතන කැමරන් ආදී වූ සුද්දන්ට අපේ රටට පැමිණ රිසිසේ කා බී විනෝද වීමට අපි මෙහි රග මඩලක් සෑදිය යුතුයයි ඔවුන් සිතන බැවින්ය. ඔහු කියන්නේ අප පාරේ සිටින සුනඛයන් මරා මොනරුන් රැකිය යුත්තේ අපේ හාම්පුතුන් මොනරුන් දැකීම ප්‍රිය කරන නිසා බවද? (මෙහි සුනඛයින් මරණ කතාවක් කිව්වේ නැති වුවද ප්‍රයෝගිකව සුද්දන්ට ලස්සන පෙන්වන සැටි අපි හොදින් දන්නෙමුය).මෙම දුප්පත් උගතුන් සිතන්නේ අපට බටහිර ශේෂ්ඨ මිනිසුන් සන්තර්පණය කර කීයක් හෝ සොයාගෙන ඔවුන් කියන දෙයක් කර දෙනදෙයක් ලබාගෙන සිටිනවා හැර කල හැකි කෙන්ගෙඩියක් නැති බවය. එසේ කරනා තෙක් මේ උගතුන්ද රැකෙන අතරම කැමරන් ඇතුළු සුද්දන් මෙහි පැමිණ අපට මහත් කරුණාවෙන් ප්‍රකාශ කල ඊනියා මානව හිමිකම් සහ සත්ව කරුණාවද රැකෙනු ඇත. එමනිසා අප හැකිතාක් සුද්දන් සතුටු වන ලෙස අපේ රටේ සුන්දරත්වය ආරක්ෂා කල යුතු අතරම ඒ සදහා මෙහි ජීවත්වන පහත් හැදියාවක් සහ තවමත් ඊනියා දියුණුව ලබා නැති අප කිනම් හෝ පරිත්‍යාගයක් කල යුතුය. එවිට ඊනියා දියුණුව අපට ලැබෙනු ඇත. තවද එතෙක් සුද්දන් මෙහි පැමිණ යටත් විජිත යුගයේ මෙන් රාත්‍රිය ගත කිරීමට නැගණිය හෝ බිරිය ඉල්ලා සිටිය හොත් එය මහත් අභිමානයක් ලෙස සිතා ඉවසිය යුතුය. (එදාමෙන් දීමක් නොඋනත් කැසිනෝහල් ආදිය මගින් එයම කරන්නේයැයි අවිද්‍යාව නිසාමදෝ අපට සිතේ) කැමරන් සහ ඔහුගේ නැහැදිච්ච මාද්යවේදී නඩය අපට මෙතරම් පහත් ලෙස නොසලකුවේයයි මම සිතමි. අපේ උගතුන් අපද ඇදගෙනම උන් එන පෙරමගින් කාණුවට පැන උන්ට හිසනමන්නට හදන්නේ අපට ඇති ආදරයකට නොව එසේ නොකළහොත් උන්ට පැවැත්මක් නැති බැවින්යැයි අවිද්‍යාව තිබුනත් මට සිතුනි.

No comments:

Post a Comment