අපගේ පැරණි සමාජයේ පැවති බොහෝ යහපත් සංකල්ප හා සිරිත් විරිත් ආදිය, එදා සමාජයේ ඇතැම් වෙනත් සංකල්ප අදට ගලපමින් කරනා විවේචනයන්ගෙන් යටපත් කිරීම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. පඩියන් එවන් හෙලාදැකීම් කරනුයේ තමන් මහා බෞද්ධයන් හා එම සංකල්ප සිංහල බෞද්ධ සස්කෘතියට අනුව තේරුම් ගත් මහා වියතුන් ලෙසට අපව මුලාවට පත්කරවමිනි. ඔවුන් කරනුයේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව යමින් තමන්ට තවමත් නිවැරදිව අවබෝධ නොවූ අපේ පැරණි බෞද්ධ සංස්කෘතිය විවේචනය කිරීම බව (ඇතැම්විට බුදුරජාණන් වහන්සේටද එහා ගිය කර්ම/කර්ම පල විවේචන දැකිය හැකිය) මේ උගතුන් කිසිදා තේරුම් නොගන්නේ ඔවුන්ගේ මහා හීනමානය නිසාය. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. එය ඔවුන්ගේ දැනුමේ (සංඤ්ඤා ස්කන්ධයේ) තරම පමණක් ප්‍රදර්ශනය කිරීමකි. නමුත් වරද වන්නේ ඔවුන් තම මහාර්ග බටහිර දැනුම වැරදි සහ එයට වඩා වටිනා වෙනත් දැනුමක් අප සතුව පැවති (යලි ගොඩ නැගිය යුතුය) බව තේරුම් කර දුන්නද එය නොපිළිගැනීමයි. තේරුන විටද ඕව දැන් කරන්න බැරි දේවල් යයි හොරෙන් කියමින් එළිපිට තම පැරණි බයිලාව ගැසීමයි. පොල්ලකින් ගසා සිහිනැතිකර (මට මතක නැතිකර) පැත්තකට විසි කරනවා හැර (නැවත අන්‍යන් මුලා නොකිරීමට)එවන් පඩියන්ට කල හැක්කක් නැත. ඔවුන් මියයනතුරුම දැනගෙනම හෝ නොදැන අන්‍යන් මුලාකරනු ඇත. මෙවන් පඩියන් බොහෝ ගහන අද වැනි යුගයක කැලයකට වී තනිව විසීම අපට නම් මහත්ම සැපතකි. එහෙත් අපද උන් (පඩියන්) විසින් පෙරදා මුලා කර ඇතිබැවින් සහ එය අවබෝධ වනවිට අප මුලාවී වැඩි නිසා, අපි වැනිම තවත් පරපුරක් වැනසීමට ලක් නොවීමට කල හැකි යමක් කර උන්ට (පඩියන්ට ) නියවමින්ම මියැදෙන්නට අපටද සිදුවී ඇත. අපගේ මතයන් බොහෝවිට සමාජයේ විහිළුවට ලක්වුවද අපිවැනීම අසරණ ජනයා, බොහෝ කැපවීමකින් පින් රැස් කරමින් යමක් සොයනා (නිවන් සොයන බව කියමින්) බව දකින විට නිහඩව සිටින්නටද නොසිතේ.
පින් රැස් කරන අප එමගින් නිවන් පැතීම (විභාගය සමත් කර/ ලෙඩ සුව කර අවසාන පලය වශයෙන් නිවන් පැතීම)කෙතරම් යෝග්‍යද යන්න වෙනම විමසිය යුතුය. ඊට එහා ගිය නියම විනාශය නම් නිවැරදිව නිවන් පතන්නේ කෙසේද යන්න යලි මතු කරගත නොහැකි ලෙස යටපත් කර බටහිර සංස්කෘතියේ manners ඇතිව පින් කරන සැටි අපට ඉගැන්වීමයි. මෙය ඉතා සුක්ෂමව බටහිර දැනුමෙන් අලංකාරව ඔතා අපට ලබාදෙන බැවින් සහ අපේ පඩියන්ට පොතෙන් (theory වලින්) එහාට සිතීමක් නැති බැවින් අප එය හිස් මුදුනින් පිළිගනිමින් සිටිමු. පින් වල විපාක ලෙස ලැබෙන්නේ ආයු, වර්ණ , සැප, බල, ප්‍රඤ්ඤා බව බොහෝ ජාතක කථා ඇසුරින් සහ සුත්‍ර ඇසුරින් අපි අසා ඇත්තෙමු. ඒ හැරුණු විට බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට දාන, මාන පුජා (එවන් මහා පින්කම් අද කිරීම පහසු නැත හෝ නොකළ හැක)කිරීමෙන් එය නිවනටම හේතුවක් කරගත් අවස්ථාද අප අසා ඇත. නමුත් අප එදිනෙදා කරන පින්කම්(නිවැරදිව කළහොත්) වලින් (මා සිතන පරිදි ) දිව්‍ය සම්පත් ආදියෙන් එහාට විශාල ලාභයක් ලැබිය හැකියයි නොසිතමි. මේ සක් දෙව් සම්පත්, සක්විති රජ සම්පත් ආදිය පිළිබධව ධර්මයේ බොහෝ තැන්වල සදහන්ව ඇත. අපේ පඩියන් මේ කරුණු අපට වඩා හොදින් කටපාඩම් කර ඇත.
නමුත් ගැටලුව වන්නේ අපේ පැරණි ශිෂ්ටාචාරයේ හොදක් කිව්වහොත් පඩියන් අපගෙන් අසන්නේ අසවල් රජුට අන්තක්පුරයේ කී දෙනෙක් සිටියේද? රජවරු මහා සැප වින්දේ නැද්ද ආදිය වේ. පින් කිරීමෙන් ලබන සැප අතර ස්ත්‍රී සැපද (සක්විති රජුන්ට / සක්දෙව් රජුට හා අනෙකුත් දෙවියන් දිව්‍යන්ගනාවන් පිරිවරා සිටින බව බොහෝ විට කියවේ) ඇතුලත් සැපවිදීමක් ආදිය සදහන් වීම ඔවුන්ට මහා හීනමානයකි (manners අඩුවකි ). ඔවුන් අපේ රජුන්, බටහිර රජුන්ට සසදමින් සිතනවා විය යුතුය. ඉන් පිටත හැදෑරීමක් කිරීමට ඔවුන්ට නිදහසක් (ඔවුන්ගේ හීනමානයෙන් සහ වැරදි දැනුමෙන්)නැත. ඕනෑම කෙනෙකුට නිදහසේ සමාජ විරෝදින් නොවී සැප විදිමටද ඉඩක් අපේ පැරණි සමාජයේ තිබුනා විය යුතුය. ඔවුන් පින් කල මිනිසුන් ලෙස එය ඉවසීම (ඉර්ෂ්‍යා කර පිරිහෙනවට වඩා) අපේ මුතුන් මිත්තන්ට නම් ප්‍රශ්නයක් නොවූවාට සැක නැත. රජුන් වුවද කම්සැප මතම ගිලී නොසිටින්නට අවශ්‍ය කරන කර්ම/කර්මඵල දැනුම සහිතවම සිටින්නට ඇත. තවද අවිද්‍යාව ලිපියෙහි පැහැදිලි කර ඇති පරිදි කෙලෙස් (අපෙන් බාහිරව අපිට පෙනෙන වස්තුන් සැබෑවට ඇතැයි ගැනීමෙන් සහ එම වස්තුන්හි අපගේ සිතෙන් තොරව නොයෙක් ගුණ ඇතයි යන වැරදි දෘෂ්ටිය නිසා හටගන්නා තෘස්නාව) තමන්ගේ දුර්වලතාවයක් බවත් එය ප්‍රදර්ශනය කිරීම ලැජ්ජාවක් ලෙසත් සැලකු සමාජයක චින්තනයෙන් ඇතිකරන ස්වයන් පාලනය පඩියන්ට නොවැටහීම අපට පුදුමයක්ද නොවේ.තනි තනි පුද්ගගලික ජිවිත (රජුගේ උවද )එදා නොවැදගත් වුවාට නම් සැක නැත.පඩියන්ට සැප විදින්නන් (වර්තමානයේ මෙලෝ හසරක් නැතිව කම්සැපයෙහිම ගැලීම නොවේ) පිලිබදව ඉර්ෂයාවක්ද නැතිවාම නොවිය හැකිය.
මෙම බටහිර ගැති පඩියන් ඔවුන්ද නොදැනුවත්වම කඩේයමින් හෙළාදකින්නේ අපේ සංස්කෘතික අංග වේ. සංස්කෘතියෙන් වෙන්කලපසු (අද වැනි බටහිර ක්‍රිස්තියානි සංකල්ප තුලින් ) බුදු දහම එහි අර්ථයෙන්ම නැවත දැකීම පහසු නැත. එයද වෙනම කතා කල යුතුය. සිහින පලාපල , නිවසක් තැනීමට යහපත් වෙලාවක් තෝරා ගැනීම, සුබ වේලාවන් ගැන ඇසුවහොත් අපේ පඩියන් දුම්මලවරම අතට ගනී. ඔවුන් මහා දාර්ශනිකයින් ලෙස කියනු ඇත්තේ ඒවා මහා නොදියුණු යුගයේ වැඩ. අද වැනි දියුණු යුගයකට ඒවා වැඩක් නැත යනුවෙනි. නමුත් අනිත් අතට මුන් කියන්නේ මායා දේවිය දුටු සිහිනය තුලින් ඉපදෙන කුමරා ගැන කීමට එදා තවුසන් දැන සිටිබවයි. කුමරුට නම් තබන දිනයේ ඔහු නියත වශයෙන් බුදු වනබව කීමට ඔවුන් සමත්වූ බවයි. ජේසු ඉපදෙන විට උපන් කෙනා බලගතු නායකයෙක් වනබව කිවේ විද්‍යාත්මකවද? පඩියනේ උඹලා විටකදී අගයකරන්නෙත්, විටකදී හෙළාදකින්නේත් අපේද උරුමයයි. උඹලගේ හාම්පුතුන්ගේ උරුමය රැකිය යුතුතැනදී උඹලා රෙදි උනා දමා අපේ වටිනාකම් තුට්ටුවට දමා එය කරන්නේය. පැරැන්නන් එදිනෙදා ජීවත් වීමට එවැනි දේ කලද ඔවුන් නිවන් පතා දේවාල පසුපස නොගිය බවනම් අපට කිව හැකිය. ඔවුන් නිවන් දැකීමට කලයුත්තේ කුමක්ද යන්න දැනගෙනම ජීවත් වීමට එවැනි (මට නම් මිත්‍යා නොවේ)දේ නිවැරදිව දැනගෙන කරන්නට ඇත. අපට නම් අගහරු මත ජීවයක් ඇරබීම හෝ හදේ ගම්මාන සෑදීම (මානයෙන් උදම් වූ පඩියන්ට මදුසමය ගතකර අමුතු ආතලයක් ලැබීමට නොව ප්‍රයෝගිකව ජීවත් විය හැකි ) ඊට එහා ගිය මිත්‍යා විස්වාස වේ.